Gossips

අතුරු තහනමට එරෙහිව මහින්ද පාර්ශවයෙන් ගොනුකළ පෙත්සම අනිද්දාට කල් යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනමට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශවයෙන් ගොනුකළ පෙත්සම අනිද්දා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම තනතුර දැරීමට බලයක් නොමැති බවට ක්වෝවොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම ලබන වසරේ ජනවාරි මස 16, 17 සහ 18 යන දිනවල විභාග කිරීමට ද අභියාචනාධිකරණය අද දින නියම කළා.