Gossips

අතුරුදහන් වූ දැරිය සොයා තුන්වන දිනටත් මෙහෙයුම්

පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ගම්මානයේ සිටියදී අතුරුදන් වූ බවට පැවසෙන සිව් හැවිරිදි දැරිය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
විමර්ශන සිදුකරන සාලියවැව පොලීසියේ උසස් නිලධාරියෙකු සදහන් කළේ පුද්ගලයින් 5 දෙනෙකුගෙන් පමණ මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
එමෙන්ම, නාවික හමුදාව යොදවා කලාඔයේ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කළ බව ඔහු සදහන් කළා.
නිල සුනඛයෙකු යොදා ඊයේ (31) මෙම දැරිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී දැරිය ජීවත් වූ නිවසේ සිට මීටර් 800 ක් පමණ දුරින් පිහිටි කලාඔය අසලට අදාළ සුනඛයා ගොස් නැවතී තිබෙනවා.
අද (01) දිනයේදීත් පැය 6 කට ආසන්න කාලයක් කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් යොදවා මෙහෙයුම් සිදු කළත් කිසිදු තොරතුරක් අනාවරණය වුයේ නැහැ.
සෙනොරි නිශාරා නැමැති මෙම දැරිය අතුරුදන් වුයේ පසුගිය 29 වනදා පෙරවරුවේයි.
ඒ සම්බන්ධයෙන් දැරියගේ මව සාලියවැව පොලිසියට කළ පැමිණිල්ලක් අනුවයි මෙම දැරිය සෙවිමේ මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ.
දැරිය අතුරුදන් වන අවස්ථාවේදී නිවසෙහි රැදී සිට ඇත්තේ දැරියගේ මිත්තණියගේ දෙවන විවාහයේ සැමියා පමණයි.
ඔහු එම අවස්ථාවේදී නිවස ආසන්නයේ පිහිටා ඇති කලා ඔයට ගොස් ඇති අතර දැරිය කෑ ගැසූ ශබ්දය ඇසී යළි පැමිණි අවස්ථාවේදීයි ඇය අතුරුදන්ව සිටි බවයි ප්‍රකාශ කර ඇත්තේ.
මෙම දැරියගේ පියා සිය පවුල අතහැර ගොස් ඇති අතර, මිත්තණිය සහ ඇයගේ දෙවැනි විවාහයේ සැමියාට දැරියගේ සීයා ඝාතනය කිරිමේ චෝදනා ද එල්ල වී තිබෙනවා.
ඔවුන් දෙදෙනා මීට පෙර ඊට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් වී පැමිණ ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
rnrnrnrnrnrnrnrn