පැහැරගැනීමට ලක් වු ගාල්ල – බුස්ස – රත්නඋදාගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු සොයාගැනීමට උපකාර කරන ලෙස පවුලේ ඥාතීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඔවුන් පවසන්නේ දින 21 කට ඉහතදී පොලිස් නිල ඇදුමින් සැරසුනු පිරිසක් පැමිණ මෙම පැහැරගැනීම සිදු කළ බවයි.
ගාල්ල- බුස්ස – රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි රසීන් චින්තක හා 33 හැවිරිදි මංජුල අසේල පැහැර ගැනීමට ලක්ව ඇත්තේ පසුගිය ජනවාරි මස 23 වැනිදායි.
මංජුල අසේල නම් පුද්ගලයා සිව්දරු පියෙක්.
රසීන් චින්තක එක් දරු පියෙකු වන අතර ඔහුගේ බිරිද ගැබිණියක්.
මාළු සහ කුකුළු මස් ව්‍යාපාරයේ නිරතව සිටි මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා පසුගිය 23 වෙනිදා පෙරවරු 10 ට පැමණ පොලිස් නිල ඇදුමින් සැරසුනු පිරිසක් වෑන් රථයකින් හා මෝටර් රථයකින් පැමිණ පැහැර ගත් බවට ඥාතීන් චෝදනා කරනවා.
