Gossips

අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයෙකු අස්ථි කොටස් සිරිපාගම රක්ෂිතයකින් හමුවේ

අතුරුදන්ව සිටි පැල්මඩුල්ල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ අස්ථි කොටස් කිහිපයක් රත්නපුර – සිරිපාගම – ඉඳුරුව රක්ෂිතයෙන් හමුවී තිබෙනවා.
එම රක්ෂිතයේ සිදුකරන නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේ ඊයේ මෙම අස්ථි කොටස් හමුවූ බවයි පොලීසිය සඳහන් කළේ.
එම අස්ථි කොටස් හමුවූ ස්ථානයේ තිබී මියගිය පුද්ගලයා රැගෙන ආ බවට සැකකරන කුඩයක් සහ ජංගම දුරකථනයක් ද හමුවී තිබුණා.
පසුව සිරිපාගම පොලීසිය එම ජංගම දුරකථනයේ තොරතුරු ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ මෙම අස්ථි කොටස් මීට මාස 5කට පමණ පෙර අතුරුදන්වූ පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයෙකුගේ බවටයි.
සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද රත්නපුර මහරෝහලේදී සිදුකිරීමට නියමිතයි.