Gossips

අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ මළසිරුර හමුවේ

අතුරුදන්ව සිටි වීරකැටිය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ මළසිරුර වීරකැටිය යොවුන් සේනාංකය ආසන්නයේ කැලෑ ප්‍රදේශයක තිබී අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.
53 හැවිරිදි තිදරු පියෙකු වන මොහු පසුගිය 9 වන දා නිවසින් පිටව ගොස් ඇති අතර, යළි නොපැමිණීම හේතුවෙන් ඥාතීන් විසින් ඒ සම්බන්ධයෙන් වීරකැටිය පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.
මොහු මෙලෙස මිය යාමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මෙය සිය දිවි හානි කර ගැනීමක් ද නැද්ද යන්න පිළිබදව විමර්ශනයක් සිදුකරන බවයි පොලීසිය කියා සිටියේ.