Gossips

අතුරුදන් වූවන් පිළිබඳ සොයා බලන කාර්යාලය මාතරට

අතුරුදන්වූවන් පිලිබඳ කාර්යාලය සිය දෙවන හමුව අනිද්දා මාතරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
එහි පළමු හමුව පසුගිය 12 වනදා මන්නාරමේදී පැවති අතර, එහිදී අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවී ඔවුන්ගේ අදහස් විමසීම සිදුකළා.
මාතර පැවැත්වීමට නියමිත දෙවන හමුවේදී ද මහජන අදහස් ලබා ගැනීම ද සිදුකරන බවයි අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.