Gossips

අතුරුදන් වූවන් ඉල්ලා මඩකලපුවේ හර්තාල්

පසුගිය යුද සමයේ අතුරුදන් වූවන් සොයාදෙන ලෙස ඉල්ලා මඩකලපුව ප්‍රමුඛ නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක අද හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මකයි.
මේ හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ සියළුම වෙළදසැල් වසා දමා ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණේ.
ඊට අමතරව ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවල ද දෙමළ ජාතිකයන් විසින් පවත්වාගෙන යන වෙළඳසැල් වසා දමා ඇති බව සඳහන්.
මඩකලපුව ප්‍රදේශයේ බොහෝ පාසල් ළමයින් ද අද දින පාසල් වෙත පැමිණ නොසිටි බවයි මඩකලපුව හිරු වාර්තාකරු එල්. ජවුෆර් ඛාන් කියා සිටියේ.