මොරටුව – මෝදර වරායෙන් මසුන් ඇල්ලීමට ගිය ධීවර යාත්රාවක සිටි ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම යාත්රාවේ ධීවරයින් 4 දෙනෙකු ගමන් කර ඇති අතර මුහුදු මැදදී රළ පහරට හසුවීමෙන් අදාළ යාත්රාව පෙරලීමට යාමේදී මෙම ධීවරයා මුහුදට වැටී ඇති බවයි.
පෙරේදා දිනයේදී මෙම යාත්රාව මෝදර වරායෙන් පිටත්ව ඇති අතර ඊයේ දිනයේදී නැවත ගොඩබිමට පැමිණෙන අවස්ථාවේදියි මෙම අනතුර සිදුව ඇත්තේ.
අතුරුදන්ව සිටින පරගස්තොට – ලියගොඩවත්ත ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි ධීවරයා සෙවීම සඳහා පොලීසිය සහ නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.