දින කිහිපයකට පෙර අතුරුදන්ව සිටි වතු කම්කරුවෙකුගේ මළ සිරුරක් කෙසෙල්ගමු ඔයෙන් හමුවී තිබෙනවා.
කෙසෙල්ගමු ඔයේ නෝර්වුඩ් ප්‍රදේශයෙන් මෙලෙස හමුවී ඇත්තේ 34 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුරක්.
ඔහු බගවන්තලාව කර්කස්වෝල් වතුයායේ පදිංචිකරුවෙක්.
නිවසෙන් පිටත්ව ගිය සැමියා යළි නිවසට නොපැමිණි බවට ඔහුගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිල්ලක් ද කර තිබු බව සඳහන්.
කෙසෙල්ගමු ඔයේ පාවෙමින් තිබූ සිරුර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ
