Gossips

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ළිදකින් හමුවේ

පෙරේදා සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් රාජාංගනය – ගැමුණුපුර ප්‍රදේශයේදී අද පෙරවරුවේ හමුවී තිබෙනවා.
ඒ ඔහුගේ නිවස අසල ළිදක තිබියදීයි.
මියගිය පුද්ගලයා 26 හැවිරිදි අයෙකු වන අතර, මේ සම්බන්ධයෙන් ඔහුගේ බිරිද රාජාංගනය පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබුණා.
සිද්ධිය පිළිබදව මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.