Gossips

අතුරුදන්ව සිටි අයෙකුගේ අස්ථි කොටස් පිටිගල කැලයකින් හමුවේ

පිටිගල, මත්තක කන්ද වත්ත කැලයේ තිබී මිනිස් අස්ථි කොටස් කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත ඊයේ (01) පෙරවරුවේ මෙම මිනිස් අස්ථි කොටස් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.
මෙලෙස සොයා ගැනුණු අස්ථි කොටස් මීට මාස දෙකකට ඉහතදී අතුරුදන් වූ මත්තක කන්ද වත්ත, පෝද්දිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙකුගේ බවට හඳුනාගෙන තිබෙනවා.
හේවා සුභසිංහ සුමනසිරි නමැති මෙම පුද්ගලයා අතුරුදන්වූ අවස්ථාවේ ඇඳ සිටි සරමක කොටස් අස්ථි කොටස් අසල තිබී සොයාගෙන ඇති අතර එම සරම සිය ස්වාමි පුරුෂයාගේ බවට අතුරුදන්ව සිටි පුද්ගලයාගේ බිරිඳ විසින් හඳුනාගෙන තිබෙනවා.
සොයාගත් අස්ථි කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ඇල්පිටිය රෝහල වෙත යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිසිය විමර්ශන පවත්වනු ලබනවා.