මහවැලි ගඟේ කටුගස්තොට – ගෝහාගොඩ ප්‍රදේශයේදී සිදුවූ බෝට්ටු අනතුරෙන් අතුරුදන්වූ විදෙස් ජාතික තරුණිය සොයා තවදුරටත් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ 24 හැවිරිදි තරුණියක්.
සෞදි අරාබියානු සහ දෝහා කටාර් රාජ්‍යයේ සිට පැමිණි පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් ඊයේ (20) පස්වරුවේ මහවැලි ගඟේ පෙරළී තිබුණා.
පසුව ඉන් හයදෙනෙකු ප්‍රදේශවාසින් විසින් බේරාගනු ලැබූ අතර, එක් තරුණියක් දියේ ගිලී අතුරුදන් වුණා.
