Gossips

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලයේ සාමාජිකයින් සහ ව්‍යවස්ථා සභාවේ නියෝජිතයින් අතර හමුවක්

මෑතකදී පිහිටවූ අතුරුදන්වූවන් පිළිබද කාර්යාලයේ සාමාජිකයින් අද පෙරවරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් හමුවී තිබෙනවා.
අදාළ කාර්යාලයේ ක්‍රියාකාරිත්වය හා ඉදිරි වැඩකටයුතු පිලිබදව මග පෙන්වීම් ලබා ගැනීමේ අරමුණින් මෙම හමුව සිදුවූ බවයි කතානායක කාර්යාලය නිවේදනය කළේ.
අතුරුදන් වූවන් පිළිබද කාර්යාලයේදී කටයුතු පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් වහාම සලසා දිය යුතු බව මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සභාපති, කරූ ජයසූරිය පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව, තමන් ඒ සදහා පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට සහ මහා භාණ්ඩාගාරයට කඩිනමින් උපදෙස් ලබාදෙන බවයි කතානායකවරයා සදහන් කර ඇත්තේ.