අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ කොමසාරිස්වරුන් ලබන මස සිට දිවයින පුරා සිටින අතුරුදන්වූවන්ගේ පවුල් සහ සිවිල් සංවිධාන හමුවී තම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
මැයි 12 වනදා එහි මුල් අදියර මන්නාරමෙන් ආරම්භ කරන බවයි එම කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
