අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (28) සිදු කෙරුණා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින්.
ජනාධිපතිවරයා විසින් කොමසාරිස්වරුන්ගේ නම් ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙත යවනු ලැබූ අතර, පසුගියදා ඊට අනුමැතිය හිමිවුණා.
ඒ අනුව අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පත් කර තිබෙනවා.
ජයදීපා පුණ්‍යමූර්ති, මේජර් ජෙනරාල් මොහන්ටි ඇන්ටනෙට් පීරිස්, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, මිරාක් රහීම්, සෝමසිරි කේ ලියනගේ සහ කනපතිපිල්ලෙයි වෙන්දන් මෙහි සෙසු සාමාජිකයින්.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සඳහා 2018 වසරේ අයවැයෙන් රුපියල් බිලියන 1.3 ක මුදලක් වෙන් කරනු ලැබුවා.
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම සඳහා වූ කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ මීට වසරකට පමණ පෙරයි.
එහෙත් ඒ සඳහා කොමසාරිස්වරුන් නම් කිරීම පිළිබඳ ඒකමතික භාවයක් නොමැතිවීම නිසා එය පමා වුණා.
මේ වනවිට ආරම්භ වී ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරය සඳහා අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ ප්‍රගතිය වාර්තා කිරීමට නියමිතයි.
