Gossips

අතුරුදන්වු කරුවලගස්වැව දැරියගේ සීයා සහ ආච්චි පොලිස් භාරයට

පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේදී සිව් හැවිරිදි දැරිය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් ඇයගේ මව, මිත්තනිය සහ මිත්තනුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සාලියවැව පොලිසිය සඳහන් කළේ අද (04) පස්වරුවේ මොවුන් පුත්තලම – මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
අතුරුදන් වූ සිව් හැවිරිදි දැරිය සොයා අද 06 වන දිනටත් කලා ඔයේ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මකයි.
පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේදී අතුරුදන් වූ සිව් හැවිරිදි දැරිය තමන් විසින් කලාඔයට දැමූ බවට ඊයේ (03) මව පාපොච්චාරණය කළා.
පොලීසිය සඳහන් කළේ දැරිය අතුරුදන් වූ දින මව ඇයට පහරදී ඇති බවටයි.
පහරදීමෙන් දැරිය සිහිසුන් වී ඇති අතර, ඉන් බියට පත්ව ඇයව කලාඔයට දැමූ බවටයි මව පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ.
සෙනොරි නිශාරා නැමැති මෙම සිව් හැවිරිදි දැරිය නිවසේ සිටියදී, අතුරුදන්වූයේ පසුගිය 29 වනදායි.