Gossips

අතුරුදන්වුවන්ගේ ඥාතීන් මුලතිව්හිදී විරෝධතාවක (ඡායාරූප)

යුද සමයේදී අතුරුදන්වුවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉල්ලා මුලතිව් හිදී උද්ඝෝෂණයක් පැවැත්වුනා.
අතුරුදන්වුවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා මුලතිව්හිදී ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 500 ක් ගතවුව ද රජයෙන් මෙතෙක් විසඳුමක් නොලැබුනු බව පවසමිනුයි මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ.
අප වාර්තාකරු සඳහන් කළේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති මෙම උද්ඝෝෂණය යුද සමයේදී අතුරුදන්වුවන් ඥාතීන්ගේ සංගමය විසින් මෙම විරෝධතාව සංවිධාන කර තිබු බවයි.
අතුරුදන්වුවන් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති අතර ඊට කිසිදු විසඳුමක් ලබාදීමට පැවති රජයන්ට මෙන්ම වත්මන් රජයට ද නොහැකි වී ඇති බවට ඔවුන් චෝදනා කර තිබෙනවා.

ඡායාරූප – වන්නි රොමේෂ් මදුෂංක