Gossips

අතුරුගිරියේ රෙදිපිළි අලෙවිසැළක ගින්නක් – (ඡායාරූප)

අතුරුගිරිය – මාළඹේ මාර්ගයේ අරංගල – 10 කණුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රෙදිපිළි අලෙවිසැලක ඊයේ පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
කෝට්ටේ මහ නගර සභාවේ සහ පනාගොඩ යුද හමුදා කඳවුරේ ගිනි නිවන රථ 4 ක් යොදාගෙන එම ගින්න මැඩපැවැත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.
ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා පනාගොඩ හමුදා කඳවුරේ භටයින් 26 දෙනෙකු සහභාගි වූ බව යුද හමුදාව ප්‍රකාශ කළා.
පොලීසිය සඳහන් කළේ ගින්නෙන් අදාළ රෙදිපිලි අලෙවිසැළ මුළුමනින්ම විනාශයට පත්වී ඇති බවයි.