Gossips

අතුරුගිරියේ අධිවේගී මාර්ග ගුවන් පාළමේ ලොරියක් පෙරළෙයි (ඡායාරූප)

අතුරුගිරිය අධිවේගී මාර්ග ගුවන් පාළම මත යකඩ බට ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී යාමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ මාර්ගයේ කිසිවෙකු නොසිටීම හේතුවෙන් සිදුවන්න ගිය විශාල අනතුරක් වැළකීගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර ලොරි රථය ගැටීමෙන් ගුවන් පාළමේ පැති බැම්මට හානි සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේ රථවාහන තදබදයක් පවතින අතර පොලිසිය සඳහන් කළේ එය කඩිනමින් ඉවත්කිරීමට කටයුතු යොදා ඇති බවයි.
අතුරුගිරිය පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.