Gossips

අතුරුගිරියේදී රුපියල් දෙලක්ෂ 57,000ක් කොල්ල කයි

අතුරුගිරිය – විජයමාවත ප්‍රදේශයේදී පෞද්ගලික ආයතනයක ණය වාරික එකතු කරන පුද්ගලයෙකු යතුරුපැදියෙන් ගමන් කරන අවස්ථාවේ පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඔහු ළඟ තිබූ රුපියල් දෙලක්ෂ 57,000කට වැඩි මුදලක් කොල්ල කා පළා ගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (08) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම කොල්ල කෑම සිදුකර ඇති බවයි.
කෙසේ වෙතත්, සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර ඔවුන් සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.