Gossips

අතිරේක ලැයිස්තුවලට කොමිසම නම් ඉල්ලයි

අතිරේක ලැයිස්තුවෙන් තම පක්ෂවලට හිමි මන්ත්‍රි ධුරවලට පත්කරන නියෝජිතයන්ගේ නාමලේඛන මැතිවරණ කොමිසම වෙත ලබාදෙන ලෙස එම කොමිසම මන්ත්‍රි ධුර හිමිකරගත් පක්ෂවල ලේකම්වරුන් වෙත අද දැනුම්දීමට නියමිතයි.
කොට්ඨාශ මට්ටමින් ජයගත් සභිකයන්ගේ නාමලේඛනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට අතිරේක ලේඛනයෙන් හිමි සාමාජිකයන්ගේ නම්ද ඊට ඇතුළත් කළ යුතු බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ.
අතිරේක ලේඛනයට සභිකයින් නම් කිරීමේදී ඇතුළත් කළ යුතු වන්නේ එම ලේඛනයේ ඇතුළත් අය පමණක් බවද කොමිසම පවසනවා.
කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපති මහිින්ද දේශප්‍රිය සඳහන් කළේ කොට්ඨාශ මට්ටමින් නිකුත් කළ ප්‍රතිඵල අනිද්දා වනවිට මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට ඇතුළත් කරන බවයි.