Gossips

අත් බෝම්බ ප්‍රහාරයකින් කුලියාපිටියේ හතරකට තුවාල

කුලියාපිටිය – බෝහින්ගමුව ප්‍රදේශයේදී නිවසකට එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ රාත්‍රි 9යි 45ට පමණ එල්ල කළ මෙම අත්බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරය එල්ල කර ඇත්තේ බෝහින්ගමුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවට හදුනාගෙන තිබෙනවා.
මොහු ඊයේ රාත්‍රියේ පැවති මංගල සාදයකට සහභාගි වී ඇති අතර එහිදී පිරිසක් සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඉන් පසු නිවස බලා යන අතරතුර මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව කුලියාපිටිය පොලිසිය ප්‍රකාශ කළා.
බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු සමඟ පැවති පෞද්ගලික අමනාපයක් මීට හේතු වී ඇති බව සඳහන්.
සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.