Gossips

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට රුපියල් මිලියන 20,000ක්

අල, ලොකුළුෑණු සහ වියළි මිරිස් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 20,000කට වැඩි මුදලක් වැය වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය පවසනවා.
අදට යෙදී තිබෙන ලෝක ආහාර දිනය නිමිත්තෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන සඳහන් කළේ මෙම ආනයන පාලනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරමින් පවතින බවයි.