Gossips

අත්ලාන්තික් සුළි කුණාටු සමය ඇරඹේ

මේ වසරේ අත්ලාන්තික් කුණාටු සමය ආරම්භ කරමින් ප්‍රථම නම් කළ සුළි සුළඟ ඇල්බර්ටෝ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වයඹ වෙරළට ළඟා වී තිබෙනවා.
සුළි සුළඟට පෙර ෆ්ලොරිඩාවේ මෙක්සිකෝ බොක්ක ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කර ගත් බවයි ඇමරිකානු වාර්තා සඳහන් කළේ.
හරිකේන් ලෙස හඳුන්වන අත්ලාන්තික් සුළි කුණාටු සමය ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරුණේ ජුනි 1 වන දා සිටයි.
කෙසේ නමුත්, දැනටමත් සුළි කුණාටුවක් එහි ඇති වී තිබෙන අතර, ඒ සමගම ටොනේඩෝ තත්ත්වයන් ද අපේක්ෂා කෙරෙනවා.