Gossips

අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙකු එරාවුර් හිදී අත්අඩංගුවට

මඩකලපුව – එරාවූර් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ තියුණු ආයුධ දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මඩකලපුව කොට්ඨාශ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු එරාවූර් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙක්.