Gossips

අත්තනගලු ඔයේ සහ මා ඔයේ ජල මට්ටම යළි ඉහළට

පවතින දැඩි වර්ෂාපතනයත් සමග අත්තනගලු ඔයෙහි දුනමලේ ප්‍රදේශයේ ජල මට්ටම මහා ගංවතුර තත්වයක් දක්වා වර්ධනය වෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අත්තනගලු ඔය සහ ඊට සම්බන්ධ අතු ගංගා දෙපස පහත් බිම්වල වාසය කරන ජනතාව ගංවතුර තත්වය පිළිබඳ දැඩි අවදානයෙන් සිටින ලෙසටයි දැනුම්දෙන්නේ.
මීගමුව, ජාඇල, කටාන, මිනුවන්ගොඩ, ගම්පහ සහ අත්තනගල්ල ප්‍රදේශවල ජීවත්වන ජනතාව ගංවතුර තත්වයෙන් ආරක්ෂා විම සඳහා දැඩි විමසිල්ලෙන් සිටින ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
මේ අතර මා ඔයෙහි ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුල ලැබෙමින් පවතින වර්ෂාපතනය හේතුවේන මා ඔයෙහි ජල මට්ටම ද යළිත් ඉහළ යමින් පවතිනවා.
ඒ අනුව බඩල්ගම සහ ගිරිඋල්ල ජල මිනුම් ස්ථානවලින් ජල මට්ටම සුලු ගංවතුර තත්වයක් දක්වා ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ හේතුවෙන් මා ඔය පහල ප්‍රදේශයේ ගග දෙපස පහත් බිම්වල වාසය කරන ජනතාව ගංවතුර තත්වය පිළිබඳ දැඩි අවදානයකින් කටයුතු කරන ලෙසට දැනුම්දෙනවා.