සංචාරක වීසා බලපත් මගින් පැමිණ නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 14 දෙනෙකුට වසරක සිරදඬුවමක් සහ රුපියල් 50,000 බැගින් වූ දඩ මුදලක් නියම කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ගාල්ල පොලිසිය මගින් පසුගියදා මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දඩල්ල ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීමේ අත්උදව්කරුවන් ලෙස සේවයේ යෙදී සිටියදීයි.
පසුව මෙම චීන ජාතිකයින් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
