Gossips

අත්අඩංගුවට ගැනුනු හලාවත නාගරික මන්ත්‍රීවරයා දින 5 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

හෙරොයින් ජාවාරමට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැණුනු හලාවත නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ස්ටැන්ලි ලවුස් ප්‍රනාන්දු දින 5 ක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබාදුන්නා.
ඒ, සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
නාගරික මන්ත්‍රීවරයා සහ ඔහුගේ පුත්‍රයා මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට මීගමුව අපරාධ විමර්ශණ ඒකකය තොරතුරු අනාවරණය කරනු ලැබුවේ පසුගිය මාර්තු 23 වනදා මීගමුව කටුවපිටිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 8 ක ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීයි.