Gossips

අත්අඩංගුවට ගත් සුනිල් ශාන්ත සී.අයි.ඩී. යට

මීමුරේ ප්‍රදේශයේදී පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් මත්කුඩු ජාවාරම්කරුවෙකු වන වීරක්කොඩිගේ සුනිල් ශාන්ත නොහොත් අජිත් වීරසිංහ නමැත්තා වැඩිදුර පරීක්ෂණ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතයි.
පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් මත සිද්ධියට අදාළ ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීම සදහා ඔහුව මෙලෙස එම දෙපාර්තමේන්තුවට භාර දෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ.
වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය තුළදී බන්ධනාගාර නිලධාරින් මුලාවට පත් කර පැහැර ගෙන ගිය මෙම සැකකරු මීමුරේ ප්‍රදේශයේදී සගව සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ රාත්‍රියේදීයි.