Gossips

අත්අඩංගුවට ගත් මින්නේරිය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවක්

මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී වනජීවි නිලධාරීන්ට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුගවට ගත් ධීවරයන් දෙදෙනා නිදහස් කරන ලෙස ඉල්ලා මින්නේරිය දුම්රියපොළ ආසන්නයේදී මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා.
ධීවරයින් පිරිසක් විසින් පවත්වන මෙම විරෝධතාව හේතුවෙන් හබරන – මින්නේරිය ප්‍රධාන මාර්ගය අවහිර වී ඇති අතර එම ස්ථානයට පොලිස් කැරළි මර්දන ඒකකය ද කැදවා ඇති බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.