Gossips

අත්අඩංගුවට ගත් පශු සම්පත් සංවර්ධන මණ්ඩල සභාපතිගෙන් ප්‍රශ්න කෙරේ

රුපියල් ලක්ෂ 6ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ. මුතුවිනායගම්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
අදාළ නිලධාරියා සඳහන් කළේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ගොවිපළේ පිහිටි අවන්හල අවුරුදු දෙකක කුලී පදනම මත ලබාදීමට රුපියල් ලක්ෂ 12ක අල්ලස් මුදලක් ඔහු ඉල්ලා ඇති බවයි.
පසුව එය රුපියල් ලක්ෂ 6 දක්වා අඩු කර වෙනත් පුද්ගලයෙකු මාර්ගයෙන් සැකකරු මෙම මුදල ලබාගෙන ඇති බව සඳහන්.