පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබූ නේපාල ජාතිකයා විසින් ගිල දැමූ හෙරොයින් ගුලි 90ක් මේ වනවිට ඉවතට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
එය මෙතෙක් ගුලි වශයෙන් ගිල ඉවතට ගෙන ඇති විශාලතම හෙරොයින් තොගය ලෙසයි සැලකෙන්නේ.
හෙරොයින් ගුලි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 90ක්.
සැකකාර නේපාල ජාතිකයා පසුගිය 30 වන දා ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු තවදුරටත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
