Gossips

අත්අඩංගුවට ගත් තෙඹුවන සැරයන් වෙනුවෙන් ගම්වාසීන් වීථි බසී

ගිනි අවියක් රැගෙන නොසන්සුනාකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තෙඹුවන පොලීසියේ සැරයන්වරයා වෙනුවෙන් අද මහජන විරෝධතාවක් පැවැත්වුණා.
එම සැරයන්වරයා නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ලවූ තෙඹුවන මංසන්ධියේ දී මෙම විරෝධතාව පවත්වනු ලැබුවේ ඔහුගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් විසින්.
අත්අඩංගුවේ සිටින සැරයන්වරයාට සාධාරණය ඉටු කරන්නැයි විරෝධතාකරුවන් ඉල්ලා සිටියා.
තමන් විසින් අත්අඩංගුවට ගත් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් තෙඹුවන පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් සාධාරණ විමසා බැලීමකින් තොරව නිදහස් කළ බවට චෝදනා කරමින් මෙම සැරයන්වරයා මෙලෙස විරෝධතාවයේ නිරතවී තිබුණා.
සිය රාජකාරි ගිනි අවියද රැගෙන තෙඹුවන මංසන්ධියට පැමිණ සැරයන්වරයා විරෝධතාව පළ කළ අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පැය දෙකක පමණ කාලයක් ගතවී තිබුණා.
පසුව අධිකරණය නියෝග කරනු ලැබුවේ මොහු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි. මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කර වාර්තාවක් ලබාගැනීමටද මෙහිදී අධිකරණය අවසර ලබාදුන් අතර, සේවය තාවකාලිකව අත්හිටුවීමටයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේ.
අද පැවති විරෝධතාවයේදී ඥාතීන් සහ ප්‍රදේශවාසීන් කියා සිටියේ සැරයන්වරයා සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය සාධාරණ නොවන බවයි.