Gossips

අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 729 ක් විනාශ කිරීම, හෙට ජනපති ප්‍රධානත්වයෙන්

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙතෙක් අත්අඩංගුවට ගත් කොකේන් කිලෝග්‍රෑම් 729 ක් විනාශ කිරීම හෙට සිදු කිරීමට නියමිතයි.
සපුගස්කන්ද ප්‍රදේ්ශයේ පිහිටි ගබඩා සංකීර්ණයකදී මෙම මත්ද්‍රව්‍ය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය ඉදිරියේ විනාශ කිරීම සිදු කෙරෙනු ඇති.
මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ රස පරීක්ෂක නිර්දේශ සහ ඊට අවශ්‍ය නීතිමය කටයුතු මේ වනවිට අවසන් වී ඇති බවයි.
මහේස්ත්‍රාත්වරුන් ඉදිරියේ හෙට මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත්, අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ, දැනට විනාශ කිරීමට හැකියාව පවතින මත්ද්‍රව්‍ය හෙට දිනය වනවිට මාධ්‍ය ඉදිරියේ විනාශ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශ වෙත පසුගියදා නියෝග කළා.