Gossips

අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග මෙරටට ගෙන්වා ගැනීමට රාජතාන්ත්‍රික පියවර

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.
ඒ මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය මගින් සිදු කරන විමර්ශණයකට අදාළව බවයි පොලිසිය නිවේදනය කළේ.
ඔහු මෙරටට රැගෙන ඒම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ වන විට කටයුතු සිදු කරමින් පවතින බව ද පොලිසිය ප්‍රකාශ කළා.
මේ අතර අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන ඇති බවට ඩුබායි රජය තහවුරු කර ඇති බවයි.
ඔහුව දිවයිනට ගෙන්වා ගැනීම සඳහා මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික වැඩසටහනක් ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා කියසිටියා.