යාපනය – චුන්නාකම් ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් ආවා කල්ලි සාමාජිකයින් තුන් දෙනා මේ මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, ඔවුන් ඊයේ මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
චුන්නාකම් පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මොවුන් සන්තකයේ තිබී කඩු 05 ක් ඇතුළු ආයුධ තොගයක්ද පොලිස් භාරයට ගැනුණා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණේ වයස අවුරුදු විස්ස සහ විසි එක හැවිරිදි තරුණයින් තුන් දෙනෙක්.
