Gossips

අත්අඩංගුවට ගත් අග්නිදිග සිසුන් රිමාන්ඩ්

අම්පාර – ඔලූවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන සිටි පසුව පොලීසිය අත්අඩංගුවට ගත් තාක්ෂණ පීඨයේ සිසුන් 15 දෙනා ලබන මස පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් ඇන්තනී පෝල් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සිසුන් 21 දෙනෙකුගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා මෙම සිසුන් බලහත්කාරයෙන් පරිපාලන ගොඩනැගිල්ලේ රැදී සිටියදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ.