කිලිනොච්චිය – ධර්මපුරම් – පුලියන්පොක්කනෙයි ප්රදේශයේ ඉඩමක තිබී ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් ඇතුලූ ආයුධ තොගයක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
කළක් අතහැර දමා තිබූ එම ඉඩම හිමිකරු විසින් හෙළිපෙහෙළි කිරීමේදී මෙම ගිනි අවි සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
ටී 56 ගිනි අවි 2 ට අමතරව මැගසින් 3ක් සහ ජීවඋණ්ඩ 82 ක්ද එහිදී හමුවුණා.
