Gossips

අතරමැදි පෙත්සම් සළකා බැලීම ඇරඹේ

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ අතරමැදි පෙත්සම් සළකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී දැන් ආරම්භ වී තිබෙනවා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අද දෙවන දිනටත් සිදුකෙරෙන්නේ අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.
අද දිනයේදී නීතිපතිවරයා සිය ස්ථාවරය අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අතර, එහිදී ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදුකර ඇති බවයි.