Gossips

අතරමඟ දමා ගිහින් වැඩ වරද්දා ගැනීම

හිරු සී.අයි.ඒ. හරහා ඊයේ (08) අප අනාවරණ කළේ 138 රුක්මල්ගම – පිටකොටුව මාර්ගයේ ධාවනය වන බස් රථයක් සිය ගමන් වාරය අතරතුර නීති විරෝධී අයුරින් අතරමගින් මගීන් බස්සවා සිදුකරන අසාධාරණයක් පිළිබදවයි.
මගීන් අපහසුතාවට පත් කරමින් සිදුකරන මෙම අසාධාරණය පිළිබදව අප බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හෝමාගම කාර්යාලය දැනුවත් කළා.
ඒ අනුව සිද්ධිය පිළිබද විමර්ශනය කිරීම සදහා එහි පරිපාලන නිලධාරීවරයා තම කාර්යාලයට බස් රථයේ හිමිකරු සහ සේවකයන් කැඳවා තිබුණා.
හිමිකරු හා රියදුරු පැමිණිය ද අදාළ දිනයේදී බස් කොස්දොස්තරවරයා පැමිණ සිටියේ නැහැ.
බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාගේ හැසිරීම පිළිබද අප රූගත කළ දර්ශන ජංගම දුරකථනයකින් බස් රථයේ හිමිකරුට එහිදී පෙන්වා සිටියා.
එහිදී සිදුකළ විමර්ෂනයෙන් අනතුරුව බස් රථ සේවකයන්ට සිදුකළ වරද සම්බන්ධයෙන් දඩ නියමකර දින 03 ක වැඩ තහනමකට ලක්කර තිබෙනවා.
පරිපාලන නිලධාරීවරයා ප්‍රකාශ කළේ ආචාර ධර්ම පිළිබද දැනුවත් කිරිමට රියදුරුවරයා සහ කොන්දොස්තරවරයා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පුහුණු පාසල වෙතද යොමුකළ බවයි.