Gossips

අතරමග නැවතූ බැඳුම්කර විවාදය යළි කරළියට

අතරමග නතර කළ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳ විවාදය යළි පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන අද කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.
එහිදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක සහ විමල් වීරවංශද සංවාදයට මැදිහත් වුණා.
මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු වී පවතින විනිශ්චයකාර ධූර පිළිබඳව අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කළ නම් 04 ක් අතරින් දෙදෙනෙකු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වූ බවයි කතානායක කාර්යාලය සඳහන් කළේ.
මීට අමතරව අභියාචනාධිකරණයේ විනිසුරු ධූර සඳහා ජනාධිපතිවරයා නිර්දේශ කරන ලද නම් හතරෙන් එකක් සඳහාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.