Gossips

අඩු පීඩන කලාපය තවදුරටත් – ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (10) උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.
දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක් දක්වා වන තරමක් තද සුළං ඇති විය හැකි අතර ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවට දැනුම් දෙනවා.