Gossips

අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි – දිවයින පුරා තද වැසි

දකුණු බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ මධ්‍යම කොටසේ පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි බලපෑම හේතුවෙන් දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
උතුර පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම, බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල පැයට කිලෝමීටර 80 ක් පමණ වන තද සුළං ඇතිවීමේ අවදානමක්ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මේ අතර මුලතිව් සිට කන්කසන්තුරේ හරහා මන්නාරම වෙරළට ඔබ්බෙන් ධීවර කටයුතුවල නිරත නොවන ලෙසද ධීවර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.