Gossips

අඩි 100 පාරෙන් දේපළ අහිමි වූවන් පරිපාලන කාර්යාලයට කඩා වදී

සූරියවැව – අඩි 100 මාර්ගය ඉදිකිරීමේදී දේපළ අහිමි වී, මෙතෙක් වන්දි හිමි නොවූ පිරිස් අද හම්බන්තොට, රුහුණු – මාගම්පුර පරිපාලන සංකීර්ණය වෙත බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දැරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
එම අවස්ථාව වන විට එම පරිපාලන සංකීර්ණ ගොඩනැගිල්ල තුළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ද පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඔවුන් හමුවී තම ඉල්ලීම් සඳහා විසදුම් ලබා ගැනීමේ අරමුණෙන් එහි බලහත්කාරයෙන් ඇතුළු වූ බව වන්දි හිමි නොවූ පිරිස් ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී කාන්තාවන් දෙදෙනෙකු ශරීරයට පෙට්‍රල් වක් කර ගනිමින් ගිනි තබා ගැනීමට ද උත්සාහ කළ අතර, එය විරෝධතාකරුවන් විසින්ම වළක්වනු ලැබුවා.
අනතුරුව එම පිිරිසට අමාත්‍යවරුන් දෙදෙනා සමඟ සාකච්ඡාවක් ලබාදුන්න ද එම සාකච්ඡාව ද විසදුමකින් තොරව අවසන් වී ඇති බව සඳහන්.
මේ අතර, තමන්ට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා අද 4 වන දිනටත් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පිරිසක් මාරාන්තික උපවාසයේ නිරත වනවා.
ඊයේ දිනයේදී උපවාසයේ නිරත වූ එක් පුද්ගලයෙකු ශ්වසන අපහසුතාවක් හේතුවෙන් සූරියවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා.