Gossips

අඩි 100 උපවාසයක්

සූරියවැව – හම්බන්තොට අඩි 100 මාර්ගය සකස් කිරීමේදී ඉඩම් අහිමිවූ තමන්ට, මෙතෙක් වන්දි නොලැබුණු බව පවසමින් අද පෙරවරුවේ විරෝධය පළ කළ ප්‍රදේශවාසීන් මේ වනවිට උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ ඔවුන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අට්ටාලයක් ඉදිකර මෙම උපවාසය ආරම්භ කර ඇති බවයි.
උපවාසය ආරම්භ කිරීමට පෙර ඔවුන් අද දහවල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ ද නිරත වුණා.
විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත් කිරීම සඳහා පොලීසිය මැදිහත්වීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා.
මේ අතර කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය රන්මිණිතැන්න ප්‍රදේශයෙන් අවහිර කරමින් අද දහවල් ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරතවූයේ පස් ප්‍රවාහනය කළ ටිපර් රථ දෙකක් අත්අඩංගුවට ගැනීමට එරෙහිවයි.
එසේම නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් ඉවත දැමූ ගල් අඟුරු අළු භාවිත කෙරෙන මුන්දලම නගරය ආසන්නයේ ඉදිකිරීමට යෝජිත ටයිල් නිෂ්පාදන කර්මාන්තශාලාවකට එරෙහිවද අද ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරතවුණා.
මුන්දලම – අයියනායක දේවාලය අසළට පැමිණි ඔවුන් පොල් ගසා විරෝධය පළ කරමින් කියා සිටියේ එය ඉදිකිරීම තුළින් පරිසරයට ද තම ජීවිතවලටද දැඩි බලපෑම් ඇතිවන බවයි.