වන්දි ලබාදෙන ලෙස ඉල්ලමින් අඩි 100යේ මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් අහිමි වූවන් තවදුරටත් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත වනවා.
ඔවුන් ඊයේ (30) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් ඉදිකළ අට්ටාලය පොලීසිය ඉවත් කිරීමත් සමඟ උණුසුම් තත්වයක් හට ගත්තා.
එම අවස්ථාවේ අත්අඩංගුවට ගැනුණු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.
දින 45ක් පුරා සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ අට්ටාලයක් ඉදිකොට ප්‍රදේශවාසීන් සත්‍යග්‍රහයක් පවත්වාගෙන ගියත් තම ගැටළුවලට විසදුම් ලබාදීමට බළධාරීන් කටයුතු කර නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.