සූරියවැව – අඩි 100 මාර්ගය ඉදිකිරීමේදී දේපළ අහිමි වී වන්දි මෙතෙක් හිමි නොවූ පිරිස් ක්‍රියාත්මක කරන මාරාන්තික උපවාසයේ නිරත පුද්ගලයෙකු රෝහල් ගත කර තිබෙනවා.
ක්ලාන්තය සහ ශ්වසන අපහසුතා හේතුවෙන් 47 හැවිරිදි මෙම පුද්ගලයා සූරියවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අඩි 100 මාර්ගය ඉදිකිරීමේදී අහිමි වූ දේපළ වෙනුවෙන් වන්දි ඉල්ලා සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට සිදුකරන මෙම උපවාසය ක්‍රියාත්මක වන්නේ තුන්වන දිනටයි.
ඡායාරූප – සුරියවැව, නුවන් ජයසේකර