Gossips

අට්ටාල ගැසූ අග්නිදිග සිසුන්ට ජල ප්‍රහාර

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සිදුකළ විරෝධතාවක් ජල ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය අද පස්වරුවේ පියවර ගත්තා.
ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කළේ එම විශ්වවිද්‍යාල සිසුන් පිරිසකගේ පන්ති තහනම සහ තවත් සිසුන් පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට විරෝධය පළ කරමින්.
ඒ හේතුවෙන් අද පස්වරුවේ වෝඩ් පෙදෙසද වසා දැමූ අතර, කොළඹ පුරහල අවට මාර්ගවලද දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබුණා.
අනතුරුව විරෝධතා පා ගමනින් පැමිණි සිසුන් විශ්වවිද්‍යාල කොමිසම ඉදිරිපිට අට්ටාලයක් සකසා සත්‍යග්‍රහයක නිරත වූයේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් විසින් විසදුම් ලබානොදුන් බව පවසමින්.
පසුව පොලීසිය ජල ප්‍රහාර එල්ල කර සිසුන් විසුරුවා හැරි අතර, ජල ප්‍රහාර හමුවේ සිසු අට්ටාලය ද කැඩී ගොස් තිබුණා.