අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධි විහාර මන්දිරයෙන් සහ රුවන්වැලි මහසෑ විහාරස්ථානයෙන් අටපිරිකර සොරකම් කළ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු අද (01) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් එක් අයෙකු බැතිමතුන් විසින් පූජා කිරීමෙන් පසු විහාර මන්දිරයේ මල් ආසනයක තැන්පත් කර තිබූ මෙම අටපිරිකර සොරාගෙන රැගෙන යමින් සිටියදී ශ්‍රී මහා බෝධි උතුරු වාහල්කඩ අසළ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි කටුගස්තොට – බඹරදෙනිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
එමෙන්ම රුවන්වැලි මහසෑ විහාරයෙන් අටපිරිකර සොරා ගත් අනෙක් පුද්ගලයා විහාරය අසළ රථගාලේ සිටි පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
