Gossips

අජිත් පී. පෙරේරා අද යළිත් දිවුරුම්දීමේ සූදානමක්

දිනෙන් දින කල් ගිය අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඊයේ (25) පෙරවරුවේ සිදුකෙරුණා.
එහිදී කැබිනට් අමාත්‍යවරුන් 06 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරුන් තුන්දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් අතර, එය සටහන් වූයේ වත්මන් රජයේ දෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලෙසයි.
මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් ඒ පිළිබඳව විවිධ අදහස් පළ කළා.
මේ අතර ඊයේ (25) දිනයේ බන්ධනාගාර, ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අජිත් පී. පෙරේරා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (26) යළි දිවුරුම් දීමට නියමිත බව සඳහන්.
ජනාධිපතිවරයා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු සඳහන් කළේ.
මීට පෙර ඔහු කටයුතු කරනු ලැබුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.